Wednesday, March 20, 2013

නැළවියන් මල්ලියේ...



 
නැති මාළිගා සයනය මල්ලියෙ නුඹට
නොකියමි නිදන කවියක අතුරා කනට
මොළකැටි නුඹව දැක එන කඳුළැලි නෙතට
සගවා කියමි කවියක් රසකර හැඩට

සෙයිලම පුරා දිදුළන රන් එළි මැද්දේ
පට පිළි නොයෙක් පැහැයෙන් සුරගනො ඇන්දේ
මම නම් පරව යමි මේ මහ මග බැද්දේ
මල්ලියෙ නුඹව දිනවා සුරපුර යුද්දේ

රන් කිරි නැතත් මල්ලියෙ අද නුඹෙ දිවට
එය නුඹෙ නොවේ නුඹෙ අක්කා කළ පවට
නල ළිං කටින් උනනා දිය කිරි මුවට
තියෙනෙමි අදට විතරක් නාඩං සඳට

කහවණු සිළිං හඩදී එන බෙලෙක්කෙට
නිදියන් අවදි නොමවෙන් නැගෙනා හඩට
එරුණේ නැතත් කිරි හිරිමල් තන අගට
කිරි කළ හතක් පොවනව මල්ලියෙ නුඹට

2 comments:

  1. හරිම සංවේදී කවි ටිකක් . . .

    අක්ක කෙනෙක්ගේ නිමක් නැති ආදරේක උනුහුම දැනෙන්න තරම් අපූරුවට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී යාලුවා...

      Delete