Sunday, November 10, 2013

නිහඬ හඬ______





නොලියූ නොකියූ කතා
නුඹටත් මටත් ඇත
මම,
ලියන්නට පස් මහ බැලුම් බලමින් සිටිමි
සුදුසු කාලය නොවන
බැවින්ම
නිහඩ වෙමි,
දිගු ශීත නිද්‍රාවකට යමි
ළපළු නැගෙන සුවඳත්
මිහිරි ගී ගෙනෙන සුළගත්
සමග අවදි වෙමි
හිරි වැටුණු
ඉරි තැළුණු
අත් පා ගසා නැගිටිමි,
හිස් පත් පුරා
වසන්තයෙහි උපන් බිළිඳුන්ට
වසන්තයට පෙර ගැබ්ගත්
කඨෝරත්වයේ සොඳුරු ස්වරැති
කවි දරුවෙක්
ප්‍රසූත කරමි,
සිනහව පිරි නැවතීමේ තිතකින්
අවසන සටහන් කරමි....

2 comments:

  1. //කඨෝරත්වයේ සොදුරු ස්වරැති
    කවි දරුවෙක්
    ප්‍රසූත කරමි...//

    ලස්සනයි. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා..

      Delete