Thursday, October 24, 2013

කීර අම්මා_______






 

ගැළපූ අකුරු සුහුඹුල් අත අත නෑර
සුවඳයි පුතේ නුඹ ආ ගිය මේ පාර
තනිවම යනෙන විට අද ගෙන මළු කීර
හුරුවට වගේ ගන්නට හිතෙනව පේර

නුග ගහ මුලින් මළ හිරු එළි නිවද්දී
පුර සඳ අමාවක එක ලෙස නැගෙද්දී
පසෙකින් නුඹේ අඩි සද්දය ඇසෙද්දී
හයියක් දැනුණ නුඹ තුරුළේ නිදද්දී

නුග ගහ යටට වී මළ හිරු ගිලෙන පැයේ
අම්මා ඉන්නවා නුඹ රුව හොවා ලයේ
ඉගිලෙන ගමන් හැම් බේකන් අරං රියේ
ඩිංගක් හිටිනවද බත් පත කන්න මයේ

නුඹවම හුරුව වෙනෙකක් නොපෙනෙණා හිතේ
දැකුමත් සුන්දරයි කළු වීදුරුව රථේ
නොතැබුව නමුත් රන් මුතු මිණි නුඹගෙ අතේ
හුස්මත් කළෙමි රැකවල් රත්තරං පුතේ



_______________දිනේෂ්

4 comments:

  1. ඇත්තටම ලස්සන හිතට දැනුන කවි පෙලක්..

    ReplyDelete
  2. සංවේදී නිර්මාණයක්.. ඔන් අදයි ආවේ ඒත් අපිත් දිගටම එන්න අවසරයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා...ආයේ අවසරයක් මොකටද,ලොකූ සතුටක් පැමිණීම.. :)

      Delete