Saturday, June 29, 2013

නොමියෙන පෙම___

          

               


සුපිපුණ කුසුම මම මෙලෙකව නලෙහි එතී
සෙවුයෙමි නොදුටු නොහැගුණු ආලයේ පැතී
ඉපදෙන සිහින ගැන තුන් සිත කැවී කිතී
පෙරඹර හිරුට මෙන් පෑවෙමි නුඹට රුතී

නටු අග රැඳී නුඹ නෙතු ළග නිසොල්මනේ
එක්තැන් මතක තැබුවෙමි හැම පතක කොනේ
නොපැමිණි නොගිය නුඹ වෙත මම් බැන්ද සෙනේ
පිරෙනා කඳුළු පිනි මැද මට සිනා ගෙනේ

හදවත රිදෙන තැන හිරු අවරට කැන්දා
පෙරඹර නැගුණ සිහිනය නටුවෙන් බින්දා
නොමියෙන පෙමක් ගැන මතකය ලොව රන්දා
පරවෙන මල් පෙතිත් නුඹෙ සිතුවම් ඇන්දා......