Saturday, November 30, 2013

ආරම්භය_____



සුරතෙහි දබරැඟිල්ලෙන්
අල්ලාන සෙනෙහෙන්
තබා 'අ' යන්න මත
පුතේ,මෙතැනැයි ආරම්භය,

අයනු
අල් මයනු
මායනු
එකට ඈඳුනු,
''අම්මා''

ආරම්භ විය එතැනින්
''අකුර''
බොහෝ දුර පැමිණ අද
අග මුලක් නොදත් විට
සිහිනයෙන්
සෙනේහෙන්
විත් හිතම අතගාන
එදා
නොවැටහුණු
අද
වැටහෙන
ජීවිතයක සෙනෙහෙබර
ආරම්භය,
''අම්මා''

6 comments:

  1. හ්ම්ම්ම්ම් ඇත්ත.......

    ReplyDelete
  2. ලස්සණ අදහසක් :) ආරම්භය පමණක් ම නෙමෙයි . . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරා.... :)

      Delete
  3. Replies
    1. ස්තූතියි යාළුවා...

      Delete