ඈත ඉඳගෙන එළිය දෙන්නට නුඹේ මව් ගත අඩනවා
මේං කළුවර කළුත් නෑ තව ළගදි අම්මා වඩිනවා
දූට කිරි නොව පැළට උළු ගෙන අද හෙටම මෙහෙ බලනවා
නුඹේ මුදු මුව සිනා සුරතල් එදා වෙද්දී මැකෙනවා
මැකුණු ඒ කිරි සුවඳ ඉල්ලා නුඹේ අම්මා තැවෙනවා
ගෙපැළ පාදම සවිය ලබමින් පෙරවු සෙවණත බිඳිනවා
පුතේ මට එය පෙනී නොපෙනී මාත් ශොකෙන් දැවෙනවා..
No comments:
Post a Comment